අල්ට්‍රා 4 ජිප් රථ තරගාවලියේ ජය මංජුලට

0
163


ගිරිඋල්ලේ පැවැති අල්ට්‍රා 4 චැම්පියන් ජිප් තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට මංජුල නවරත්න සමත් විය.

තරග වට අටකින් සමන්විත වූ මේ තරගයේදී ලකුණු 800 න් 760ක්ම ලබා ගැනීමට මංජුලට හැකිවිය.

මින් පෙරද ඔහු ජිප් රථ තරගාවලි කිහිපයකින් ජය ලබා තිබේ. ඒ අනුව 2018 වසරේ සැප්තැම්බර් මාසයේ පැවැති ජිම්පෝ 4×4 තරගාවලියෙන් ධාවන තරග බිමට පිවිසි ඔහු, හොරණ 4×4 ක්‍රීඩා සමාජය මගින් මෙහෙයවන ලද තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගනු ලැබීය. අනතුරුව රාජගිරියේ 4×4 ක්‍රීඩා සමාජය මෙහෙයවූ කොළඹ මඩ සැණකෙළිය තරගාවලියට සහභාගි වී හොඳම කාල ගණනය වාර්තා කරමින් සමස්ත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමටද ඔහු සමත් විය.

අනතුරුව කළුඅග්ගල තන්ඩර් වැලි තරගාවලියේදී ද ශූරයා වූ මංජුල අඩුම කාල ගණනය වාර්තා කරමින් ජිප් රථ 58ක් සහභාගි වූ සමස්ත තරගාවලියේද ශූරතාව හිමිකරගනු ලැබීය.

සටහන සහ ඡායාරූප – දෙහිඕවිට ආර්.ඒ.කේ. රාජපක්ෂ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here