අයර්ලන්තයේ සමාජ ශාලා විවෘත කිරීම සඳහා අද සිට අවසර

0
73

අයර්ලන්තයේ අවන්හල්, සමාජ ශාලා, රූපලාවන්‍යාගාර ඇතුළු ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීම සඳහා අද සිට අවසර හිමිව තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ පනවන ලද සීමාවන් ලිහිල් කිරීමේ තවත් අදියරක් ලෙස එම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීම සදහා අවසර ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් සමාජ දුරස්ථාභාවය තබා ගැනීම, මුඛ ආවරණ පැළදීම ඇතුළු සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ව්‍යාපාරික ස්ථාන විවෘත කළ හැකි බව සඳහන්ය.

අයර්ලන්තයේ ආගමික ස්ථාන විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here