අභිනව මන්ත්‍රීවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි

0
139


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද(17) නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අභාවප්‍රාප්ත වූ සාලින්ද දිසානායක මහතාගේ හිස්වූ මන්ත්‍රී අසුනට ඩී.බී.හේරත් මහතා දිවුරුම් දුන් අතර චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුනට මනෝජ් සිරිසේන මහතා දිවුරුම් දී ඇත.

මීට අමතරව සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පසු එම අසුනේ දිවුරුම්දීමේ අපේක්ෂාවෙන් ඉල්ලා අස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා නැවත එම තනතුරේම දිවුරුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here